මාලිංගට පන්දු සියය අහිමි වෙයි

11

ලබන වසරේ දි එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු මෙරට වේලාවෙන් අද අලුයම නිමා වුණා.

කෙසේ වෙතත් එහිදී ශ්‍රී ලංකා 20යි 20 නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කිසිදු කණ්ඩායමක් විසින් තෝරා ගැනුණේ නැහැ.

ඔහුට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 17 දෙනෙකු තරගාවලිය සදහා ලියාපදිංචි වී තිබූ නමුත් ඔවුන් කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම ද විශේෂත්වයක්.

එමෙන්ම කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් සහ දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා ද කිසිදු කණ්ඩායමක් විසින් තරගාවලිය සදහා තෝරා ගැනුණේ නැහැ.

Your Comments