මාර්කස් ස්ටොයිනිස් දෙවන අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයෙන් යුක්තයි

4

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය සඳහා ක්‍රීඩා කිරීමට මාර්කස් ස්ටොයිනිස් සුදුසු ශාරීරික යෝග්‍යතාවයක සිටින බව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් පවසනවා.

දකුණු අප්‍රිකාව සමග පැවැති මූලික වටයේ අවසන් තරගයේ දීයි ස්ටොයිනිස් ආබාධයකට ලක්වූයේ.

කෙසේ වෙතත්, ආබාධයකට ලක් වූ උස්මාන් කවාජාට මෙම තරගයට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

ඔහුට සති 4ක පමණ කාලයක් විවේක ගැනීමට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බැවින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි සියලු තරග ඔහුට අහිමි වනවා.

ඒ අනුව කවාජා වෙනුවට පීටර් හැන්ඩ්ස්කොබ්ම් එංගලන්තයට එරෙහි අවසන් පූර්ව තරගයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඇතුළත් වන බවයි ලැන්ගර් කියා සිටියේ.

කෙසේ වෙතත් උස්මාන් කවාජා වෙනුවට ලෝක කුසලාන තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට කැඳවා ඇත්තේ මැතිව් වේඩ්.
සංචිතයේ සිටියද ඔහුට හෙට තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි නොවනු ඇති.

දෙරට අතර පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගය හෙට බර්මිංහැම්හී දී පැවැත්වීමට නියමිතයි.

Your Comments