මාර්කස් ස්ටොයිනිස්ට පකිස්ථානයට එරෙහි තරගය අහිමි වෙයි

5

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මාර්කස් ස්ටොයිනිස්ට මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ පාකිස්තානය සමග පැවැත්වෙන තරගය අහිමි වී තිබෙනවා.
ඒ, ඔහු ආබාධයකට ගොදුරුව සිටීම හේතුවෙන්.
ඉන්දියාවට එරෙහි තරගයේ දී ඔහු මෙම ආබාධයට ලක්ව ඇති බව සදහන්.
මාර්කස් ස්ටොයිනිස්ට ලෝක කුසලාන තරගාවලියම අහිමි වී නැතත්, ඔහුගේ ආබාධය හේතුවෙන් මිචෙල් මාෂ් බි්‍රතාන්‍ය බලා පිටත් කරවීමට මේ වන විට ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ, අවශ්‍යතාවයක් ඇති වුවහොත් සංචිතයට ආදේශයක් සිදු කිරීමේ අරමුණින්.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඔස්ටේ්‍රලියා පාකිස්තාන තරගය අද ටෝන්ටන් හී දී පැවැත්වීමට නියමිතයි.

Your Comments