මහමුදුල්ලා රියාද්ට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

4

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩක මහමුදුල්ලා රියාද්ට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අහිමිව තිබෙනවා.

එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කලේ 35 හැවිරිදි ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ක්‍රිඩා නොකරන බවයි.

මහමුදුල්ලාගේ ආබාධ තත්වය සුව අතට පත්විම සදහා තවත් දින 10ක් පමණ ගත වනු ඇති බවට තොරතුරු වාර්තා වන අතර මෙම ආබාධය හේතුවෙන් ඔහුට අවසන් වරට පැවති නවසීලන්ත 20 යි 20 තරගාවලිය ද අහිමි වුණා.

තරග දෙකකින් සමන්විත බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය එළඹෙන 17 වනදා ආරම්භ වීමට නියමිතයි.

Your Comments