බිග් බෑෂ් ලීග් තරගාවලියේ 17 වන තරගය අද

7

බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වන තරගය අද පැවැත්වෙනවා.
ඒ, සිඞ්නි තණ්ඩර් කණ්ඩායම සහ පර්ත් ස්කෝචස් කණ්ඩායම අතරයි.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.45ට ආරම්භ වන අතර, පැවැත්වෙන්නේ සිඞ්නි හීදියි.
මේ අතර මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට හෝබාට් හරිකේන් කණ්ඩායම සමත්ව තිබෙනවා.
දෙවන ස්ථානය සිඞ්නි සික්සර්ස් කණ්ඩායමටත් තෙවන ස්ථානය මෙල්බන් ස්ටාර් කණ්ඩායමටත් හිමිව තිබෙනවා.
සිඞ්නි තණ්ඩර් කණ්ඩායම සහ පර්ත් ස්කෝචස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පිලිවෙලින් සිව්වන සහ 7 වන ස්ථානයේ පසුවනවා.

Your Comments