බටහිර ඉන්දීය කොදෙව් සංචිත ප්‍රකාශයට පත්කෙරේ

7

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 20යි 20 සහ එක්දින තරගාවලි සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් කොදෙව් 20යි 20 සංචිතයට ක්‍රිස් ගේල් සහ ෆිදෙල් එඩ්වර්ඩ්ස් කැදවා තිබීම විශේෂත්වයක්.

20යි 20 සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත් අතර එක්දින සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 13 ක්.

ඇන්ඩි රසල් කිසිදු සංචිතයකට නම් කර නොතිබීම ද විශේෂත්වයක්.

ශාරීරික යෝග්‍යතාව අවශ්‍ය මට්ටමට නොමැති වීම හේතුවෙන් ෂෙල්ඩන් කොට්‍රලේ, ඔෂේන් තෝමස්, ශිම්රන් හෙට්මයර් සහ රොස්ටන් චේස් සංචිතවලට නම් කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය ලබන 3 වනදා ඇන්ටිගුවාහී දී ආරම්භ වීමට නියමිතයි.

Your Comments