බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් පත් කෙරේ

10

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක චම්න්ද වාස් පත් කර ඇති බව වාර්තා වනවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළ ඩේවිඩ් සේකර් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමගයි.

මේ අතර, එළඹෙන කොදෙව් තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිත තේරීමේ කටයුතු අද දිනයේ දී අවසන් වීමට නියමිත බව ද වාර්තා වනවා.

අසන්ත ද මෙල් මහතා තේරීම් කමිටුවේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම තේරිම් කම්ටුවේ ඉතිරි වූ සාමාජිකයන් දෙදෙනා වන ප්‍රමෝද්‍ය ව්ක්‍රමසිංහ සහ චමින්ද මෙන්ඩ්ස් යන මහත්වරු දෙදෙනා විසින් මෙම තේරීම් සිදුකරනු ඇති බව සදහන්.

Your Comments