බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා ලෙස රොස්ටන් චේස් පත් කෙරේ

17

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා ලෙස රොස්ටන් චේස් පත් කර තිබෙනවා.

ඒ, එළඹෙන නවසීලන්ත තරගාවලිය වෙනුවෙන්.

මීට පෙර ජේසන් හෝල්ඩර්ගේ නායකත්වයෙන් යුත් එරට ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කළේ ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට්.

කිරන් පොලාඞ් නායකත්වය දරන කොදෙව් 20යි 20 කණ්ඩායමේ උප නායකයා ලෙස නිකලස් පූරාන් කටයුතු කරනු ඇති.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය ලබන 27 වනදා ඔක්ලන්ඞ්හී දී පැවැත්වීමට නියමිතයි.

මේ වන විට කොදෙව් ක්‍රීඩකයින් නවසීලන්තයට පැමිණ නිරෝධායන කාල සීමාවක් ගත කරමින් සිටිනවා.

එම කාලය අවසන් වනතුරු ඔවුන්ට පුහුණුවීම් කටයුතු සිදු කිරීම පසුගියදා තහනම් කෙරුණා.

ඒ, ක්‍රීඩකයින් පිරිසක් කොවිඞ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම හේතුවෙන්.

මේ පිළිබදව කොදෙව් ක්‍රිකට් ආයතනය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Your Comments