බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක බ්‍රැත්වෙයිට්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

4

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට යළි චෝදනා එල්ල වී තිබෙනවා.

ජැමයිකාවේ දී ඉන්දියාවට එරෙහිව නිමා වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුවයි ඔහුට මෙම චෝදනාව එල්ල වී ඇත්තේ.
ඒ අනුව ඔහු ලබන 14 වනදා වන විට පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයකට මුහුණ දිය යුතුයි.

මීට පෙර 2017 වසරේ අගෝස්තු මාසයේ දී ද ඔහු මෙම චෝදනාව එල්ල වූ නමුත්, පසුව ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව අණාවරණය වුණා.

Your Comments