බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ඝනිස්තානය අතර පැවැති පළමු එක්දින ක්රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
ඉන්දියාවේ ලුක්නව්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 194ක් (පන්දුවාර 45.2) ලබා ගත්තා.
රහ්මට් ෂාහ් ලකුණු 61යි.
පිලිතුරු ඉනිම ක්රීඩා කළ කොදෙව් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 21ක් ඉතිරිව තිබියදී ජයග්රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් දැවී සිටියදීයි.
රොස්ටන් චේස් ලකුණු 94ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.
ෂායි හෝප් නොදැවී ලකුණු 77යි.
Your Comments