බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරහිව ලකුණු 43 ක ජයක් ශ්‍රී ලංකාවට

16

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 43 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

 

ඇන්ටිගුවාහි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 6ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 160 ක්.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 56 ක් රැස් කළ අතර පැතුම් නිශ්ශංක ලකුණු 37යි.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණූ 117 ක් පමණයි.

වනිඳු හසරංග සහ ලක්ෂාන් සඳකැන් කඩුළු 3 බැගින් ක් දවා ගත් අතර දුෂ්මන්ත චමීර කඩුළු 2 ක් දවා ගැනීමට සමත් වුණා.

අකිල ධනංජය සහ ධනුෂ්ක ගුණතිලක එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලිය තරග 1 ට 1 ලෙස සම තත්ත්වයේ පසුවනවා.

Your Comments