බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බංග්ලාදේශයට 322ක ඉලක්කයක්

3

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 23 වන තරගය මේ වන විට බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 දැවී ලකුණු 321ක් ලබාගැනීමට සමත් විය.

ලකුණු ලබා ගැනීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ෂයි හෝප් ලකුණු 96ක් ලබාගැනීමට සමත් විය. එවින් ලෙවිස් ලකුණු 70කට දැවී ගියා. සිම්රොන් හෙට්ම්යෙර් ලකුණු 50ක් ලබාගැනීම සමත් විය.
පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායමේ මුස්ටෆිසුර් රහ්මන් පන්දුවාර 9ක් යොමු කර ලකුණු 59කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. මොහොමඩ් සයිෆුඩ්ඩින් සහ ශකිබ් අල් හසන් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.
තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 322ක් ලබාගත යුතු වනවා.

Your Comments