බංග්ලාදේශ A ට, 2ට -1ක ජය

5

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම සමත් වුණා.

ඒ, කණ්ඩායම් දෙක අතර පැවැති තෙවැනි තරගයෙන් බංග්ලාදේශය ඒ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 98කින් ජය ගැනීමත් සමගයි.

කොළම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඒ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 322ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවාර 24යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 130ක් ලබා සිටියදී තරගයට අයපහත් කාළගුණයෙන් බාධා එල්ල වුණා.

ඒ වන විට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ තරගය ජය ගැනීම සදහා රැස් කර ගෙන සිටිය යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 229ක්.

Your Comments