බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් පස් දෙනෙක්

27

එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග වාරය සදහා සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීම පසුගියදා සිදු කෙරුණා.
මෙවර තරග වාරය සදහා ශ්‍රී ලංකාවෙන් තෝරා ගැණුනු ක්‍රීඩකයින් සංඛ්‍යාව 5ක්.
ඒ අනුව තිසර පෙරේරා ඩකා ප්ලැටුන්ස් කණ්ඩායමටත් අවිශ්ක ප්‍රනාන්දු චිතග්‍රෝම් චැලෙන්ජස් කණ්ඩායමටත් තෝරා ගෙන තිබෙනවා
මේ අතර කුසල් පෙරේරා සහ දසුන් ශානක කොමිලා වොරියස් කණ්ඩායමට තෝරා ගෙන ඇති බව සදහන්.
සිලෙට් තන්ඩර්ස් කණ්ඩායමට සදහා ජීවන් මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට නියමිතයි.
ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දී සෑම කණ්ඩායමකටම අවම වශයෙන් දේශීය ක්‍රීඩකයින් 9 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකු තෝරා ගැනීමට සිදු වුණා.
ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සදහා ලියාපදිංචි වී සිටි ක්‍රීඩකයින් සංඛ්‍යාව 620ක්.
ඒ අතර දේශීය ක්‍රීඩකයින් 181ක් සහ විදේශීය ක්‍රීඩකයින් 439 දෙනෙකු සිටියා.

Your Comments