බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් වර්ජනය අවසන් කරයි

23

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් ආරම්භ කර තිබූ ක්‍රිකට් වර්ජනය අවසන් කර තිබෙනවා.

ඒ, ඔවුන්ගේ ඉල්ලීම් රැසකට බංගලාදේශ ක්‍රිකට් ආයතනය යහපත් ප්‍රතිචාරයක් දැක්වීම හේතුවෙන්.

බංගලාදේශ ක්‍රීඩකයින් පසුගිය 21 වනදා ක්‍රිකට් සම්බන්ධ සියලු‍ ක්‍රියාකාරකම් වලින් ඉවත් වෙමින් මෙම වර්ජනය ආරම්භ කළේ ඉල්ලීම් 11 මුල් කර ගනිමින්.

පසුව ඔවුන් ඊට තවත් ඉල්ලීම් දෙකක් ද එක් කර තිබුණා.

මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පාලක මණ්ඩලය අතර පැය දෙකකට අධික සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසුව ක්‍රීඩකයින් සිය වර්ජනය අත්හැරීමටයි තීරණය කර ඇත්තේ.

ගැටලු‍ව විසදීම සදහා බංගලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා මහත්මිය ද මැදිහත්ව ඇති බව සඳහන්.

මෙම වර්ජනය හේතුවෙන් බංගලාදේශ කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය ද අවිනිශ්චිත වී තිබූ නමුත් මේ වන විට එම තරගාවලිය ගැටලු‍වකින් තොරව පැවැත්වීමට හැකි වනු ඇති.

Your Comments