බංග්ලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට අත්හිටවූ තරග තහනමක්

7

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන අරෆට් සනීට සහ මොහොමඩ් ශහීඩ්ට වසරක අත්හිටු වූ තරග තහනමක් පැනවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ, ඔවුන් දෙදෙනා විසින් එරට වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ශහඩාට් හුසේන් කුපිත කරවන අයුරින් හැසිරීමේ වරදටයි.
ජාතික ක්‍රිකට් ලීග් තරගාවලියේ තරගයක් අතරතුර දී අදාළ සිදු වීම වාර්තා වූ අතර, එහිදී ශහඩාට් හුසේන් විසින් අරෆට් සනීට පහර දීමක් ද සිදු කර තිබුණා.
පන්දුවේ එක් පැතිකඩක් පිරිමැදීම සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමකින් අනතුරුවයි අදාළ පහර දීම සිදු වුණේ.
ඒ හේතුවෙන් ශහඩාට් හුසේන්ට වසර දෙකක් අත්හිටු වූ වසර පහක තරග තහනමක් පැනවීමට ද ක්‍රිකට් ආයතනය පසුගියදා කටයුතු කළා.

Your Comments