බංග්ලාදේශයට එරෙහි ශ‍්‍රී ලංකා සංචිතය මෙන්න – දික්වැල්ලටත් තනතුරක්

107

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක‍්‍රිකට් තරගාවලිය සඳහා වන ශ‍්‍රී ලංකා සංචිතය ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

සංචිතයට ක‍්‍රීඩකයන් විසි දෙදෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

සංචිතයේ නායකයා ලෙස සුපුරුදු පරිදි දිමුත් කරුණාරත්න කටයුතු කරයි.

ඊට අමතරව බංග්ලාදේශ කණ්ඩායම සමග පුුහුණු තරගය ක‍්‍රීඩා කිරීම සඳහා වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ සංචිතයක් ද ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි නායකයා ලෙස පත් කර ඇත්තේ නිරෝෂන් දික්වැල්ලයි.

පුහුණු තරගය පැවැත්වෙන්නේ 23 වනදායි.

දෙරට අතර එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය 26 වනදා පැවැත්වෙනවා.

දෙවන තරගය 28 වනදාත්, තුන්වන තරගය 30 වනදාත් පැවැත්වීමට නියමිතයි.

සියලු තරග පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී.

බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ 20 පස්වරුවේ දී.

 

Your Comments