බංග්ලාදේශයට එරෙහි තරගයෙන් පසු මාලිංග යළි දිවයිනට

9

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග බංග්ලාදේශය සමග අද(11) පැවැත්වෙන තරගයෙන් පසු යළි දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, ඔහුගේ නැන්දණියගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාව සමග ලබන 15 වනදා පැවැත්වෙන තරගයට පෙර මාලිංග යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Your Comments