පුහුණූකරුවන් ගැන ක්‍රීඩා ඇමති හරීන්ගෙන් ක්‍රිකට් ආයතනයට දැනුම්දීමක්

4

එළඹෙන බංග්ලාදේශ තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු පුහුණුකරුවන් ධූරවලින් ඉවත් කරන ලෙසට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඒ බව පවසා ඇති බව සදහන්.

මේ අතර, බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් විසි දෙදෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර ඇති බව වාර්තා වනවා.

සංචිතය සදහා ලෝක කුසලානයට ක්‍රීඩා නොකළ ධනුෂ්ක ගුණතිලක, අකිල ධනංජය, අමිල අපොන්සු සහ දසුන් ශානක නම් කර ඇති බව සදහන්.

කෙසේ වෙතත්, අදාළ සංචිතයට ලෝක කුසලානය සදහා ක්‍රීඩා කළ ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, ජෙෆ්රි වැන්ඩර්සේ සහ සුරංග ලක්මාල් නම් කර නැහැ.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 26 වනදා ආරම්භ වනවා.

Your Comments