පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියකට ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ සැරසෙයි

14

පාකිස්තානයේ දී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුබවාදී ප්‍රතිචාරයක් දක්වා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව ලබන ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව තරගාවලිය කරච්චි හී දී සහ ලාහෝර් හී දී පැවැත්වීමටයි පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත්තේ.

දෙරටේ ක්‍රිකට් ආයතන එකගතාවයකට එළඹෙන්නේ නම් තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීම සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලයේ ද විරුද්ධත්වයක් නොමැති බව සඳහන්.

අවසන් වරට පාකිස්තානයේ දී ටෙස්ට් තරගාවලියක් පවත්වා ඇත්තේ ද ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට 2009 මාර්තු 03වනදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ ද එම තරගාවලියේ දී.

Your Comments