පාකිස්තානයට ලැබෙන ලකුණු 7ක අභියෝගය

144

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 43 වන තරගය ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රිඩාංගනයේදී පැවැත්වෙනවා.

ඒ පාකිස්තානය සහ බංග්ලාදේශය අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 315ක් ලබා ගත්තා.

ඉමාම් උල් හක් ලකුණු 100යි.

ඒ අනුව පාකිස්තානයට අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට නම් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 7කට හෝ ඊට අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සිදුවනු ඇති.

ඒ, ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ පසුවන නවසීලන්තය දළ ලකුණු ලබා ගැනීමේ වේගය අතින් අභිබවා යාමට නම් පාකිස්තානයට මෙම තරගයෙන් ලකුණු 308ක ජයක් වාර්තා කිරීමට සිදුවීම හේතුවෙන්.

Your Comments