පාකිස්තානයට කඩුලු 9ක ජයක්

25

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු‍ 9ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

බුලවායෝ හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු‍ දෙනා දැවී ලකුණු 194ක් ලබා ගත්තේ පන්දුවාර 49.2ක් තුළදීයි.

නායක හැමිල්ටන් මසකඞ්සා ලකුණු 59ක් සහ පීටර් මුවර් ලකුණු 50ක් රැස් කළා.

පන්දු යැවීමේ දී උස්මාන් ඛාන් කඩුලු‍ 4ක් සහ හසන් අලී කඩුලු‍ 3ක් බිද හෙලු‍වා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 36ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ෆකාර් සමාන් නොදැවී ලකුණු 117ක් ලබා ගත්තා.

Your Comments