ප්‍රබල දකුණු අප්‍රිකානුවන් පරදා බංග්ලාදේශයට ජය

23

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් ජය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඔවුන් හමුවේ ලකුණු 21කින් පරාජයට පත් වූයේ දකුණු අප්‍රිකා කණ්ඩායමයි.
ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 330ක් ලබා ගත්තා.
මුෂ්ෆිකර් රහීම් ලකුණු 78ක් සහ ශකිබ් අල් හසාන් ලකුණු 75ක් රැස් කළා.
මෙය බංග්ලාදේශය එක්දින ඉතිහාසයේ වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වීම විශේෂත්වයක්.
තරගය ජය ගැනීම සදහා ලකුණු 331ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 309ක් පමණයි.
නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 62යි.
පන්දු යැවීමේ දී මුස්ටෆිසුර් රෙහ්මාන් ලකුණු 67කට කඩුලු 3ක් බිද හෙලුවා.

Your Comments