පළමු 20යි 20 තරගයෙන් කොදෙව්වන්ට කඩුලු 4ක ජයක්

8

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පළමු 20යි 20 තරගයෙන් කඩුලු 4ක ජයක් හිමි කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් නායක කිරන් පොලාඩ්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිඩකයින් සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුනු 131 ක් රැස්කර ගත්තා.

එහිදී මංගල 20 යි 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරන පැතුම් නිස්සංක ලකුණු 39ක් රැස් කලේ පන්දු 34ක් වැය කරමින්.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 13 යි එක් පන්දුවක් අවසානයේ දී සිය ජයග්‍රහණය වාර්තා කලේ කඩුලු 6ක් පමණක් දැවී තිබියදීයි.

අද තරගයේදී බටහිර ඉන්දීය නායක කිරන් පොලාඩ් අකිල ධනංජයගේ පන්දු වාරයකදී හයේ පහර 6ක් එල්ල කිරීමට සමත් වුණා.

එය ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුට 20 යි20 ජාත්‍යන්තර තරගයකදී ලකුණු 36ක් ලබා දීමට සිදු වු පළමු අවස්ථාවයි.කෙසේ වෙතත් අකිල ධනංජය මෙම තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වුණා.

Your Comments