පළපුරුදු සහ ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයින් යළි කණ්ඩායමට- කිරන් පොලාඩ් පවසයි

13

තරග ජයග්‍රහණය කිරීම සදහා තරුණ ක්‍රිඩකයන්ගේ දක්ෂතාවයන් පමණක් ඉවහල් වන බවට කිසිදුු සාක්ෂියකින් සනාථ වී නැතැයි බටහිර ඉන්දීය කොදෙව් 20යි 20 කණ්ඩායමේ නායක කිරන් පොලාඩ් පවසනවා.

ශ්‍රී ලංකාව සමග පැවති පළමු තරගයෙන් කඩුලු 4ක ජයක් හිමි කර ගැනීමෙන් පසු කොදෙව් නායකයා මේ බව සඳහන් කර ඇත්තේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින්.

33 හැවිරිදි පොලාඩ් අද පැවති තරගයෙන් ලකුණු 38ක් රැස් කළ අතර ඉන් 36ක්ම ලබා ගත්තේ අකිල ධනංජයගේ පන්දු වාරයකට හයේ පහර 6ක් එල්ල කරමින්.

එය ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුට 20 යි20 ජාත්‍යන්තර තරගයකදී ලකුණු 36ක් ලබා දීමට සිදු වු පළමු අවස්ථාවයි.
ඒ පිළිබද තව දුරටත් අදහස් දක්වමින් පොලාඩ් සදහන් කලේ පළපුරුදු සහ ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයින් යළි කණ්ඩායමට එක් කර ගැනීමට අදහස් කරන බවයි.

2016 වසරේ පැවති 20යි 20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු කොදෙව් කණ්ඩායම තරග 50කට ක්‍රීඩා කර ඇති අතර ඉන් ජය ගෙන ඇත්තේ 16ක් පමණයි.

එම පසුබෑම ජයග්‍රහණයක් දක්වා රැගෙන යාමට අද ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් ජයග්‍රහණය මනා රුකුලක් වනු ඇති බවයි කොදෙව් නායකයාගේ අදහස වන්නේ.

Your Comments