පරාජයේ වගකීම භාරගන්නවා – හතුරුසිංහ කියයි

20

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලැබූ පරාජයේ වගකීම තමා ඇතුළු කණ්ඩායමේ සියලු දෙනා භාර ගන්නා බව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසනවා.
එහි වගකීම නායකත්වය දැරූ ඇන්ජෙලෝ මැතිව්ස් හට පමණක් භාර නොදෙන බවයි අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හතුරුසිංහ මහතා සදහන් කළේ.
මේ අතර ජාත්‍යන්තර තරග තීරකවරයෙකු වශයෙන් කටයුතු කරමින් තේරීම් කමිටු සභාපතිධූරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබදව මෙම මාධ්‍ය හමුවේ දී තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.
මේ, මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව නායක දිනේෂ් චන්දිමාල්.
මේ අතර, එංගලන්තය සමග පැවැත්වීමට නියමිත එළඹෙන එක්දින සහ ටෙස්ට් තරගාවලි සදහා වන ශ්‍රී ලංකා සංචිත අද ප්‍රකාශයට පත් කළා.
හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස් එක්දින සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට සධීර සමරවික්‍රම, ලක්ෂාන් සදකැන් සහ නුවන් ප්‍රදීප් සංචිතයට කැදවා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

 

Your Comments