පන්දු සියයේ කි‍්‍රකට් තරගාවලියට ක්‍රීඩකයන් තෝරා ගැනෙයි

41

එංගලන්තයේ පැවැත්වීමට නියමිත ‘ද හන්ඩ්‍රඩ්’ හෙවත් පන්දු සියයයේ කි‍්‍රකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම අද සිදු කෙරෙනවා.

ඒ සදහා ලියාපදිංචි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 17ක්.

ඔස්ටේ‍්‍රලියාවේ ස්ටීව් ස්මිත්, ඩේවිඩ් වෝනර් මෙන්ම ලසිත් මාලිංග මේ වන විට ඉහළම වටිනාකමක් ඇති ක්‍රීඩකයින් ලෙසයි ලැයිස්තු ගත වී ඇත්තේ.

එංගලන්තයේ නගර කේන්ද්‍රකර ගත් කණ්ඩායම් 8කගේ සහභාගීත්වයෙන් අදාළ තරගාවලිය ලබන ජූලි 7 වනදා ආරම්භ වීමට නියමිතයි.

ඊට පිරිමි සහ කාන්තා කණ්ඩායම් 8 බැගින් සහභාගී වනු ඇති.

තරගාවලියට එක්වන සදන් බ්‍රේව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මහේල ජයවර්ධනයි.

Your Comments