පකිස්ථානයට එරෙහිව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කඩුලු 7ක ජයක්

2

ෙසංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමත් වුණා.
කැන්බරා නුවර මැනුකා ඕවල් ක්‍රීඩංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.
ඒ අනුව නායක බාබර් අසාම්ගේ සහ ඉෆ්ටිකාර් අහ්මඞ්ගේ අර්ධ ශතකවලින් සවිමත් වූ පාකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 150ක් ලබා ගත්තා.
ඉෆ්ටිකාර් අහ්මඞ් පන්දු 34කින් හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමගින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 62ක්.
පන්දු යැවීමේ දී ඇෂ්ටන් අගර් කඩුලු 2ක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ටේ්‍රලියාව ඉනිම නිමා වීමට පන්දු 9ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් පමණක් දැවී සිටියදීයි.
විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ස්ටීව් ස්මිත් නොදැවී ලකුණු 80ක් ලබා ගත්තේ එක් හයේ පහරක් සහ හතරේ පහර 11ක් සමගින්.
දෙරට අතර පැවැති පළමු 20යි 20 තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අවසන් වූ බැවින් මේ වන විට තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1 ට 0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්ටේ්‍රලියාව සමත්ව සිටිනවා.

Your Comments