නෙදර්ලන්තයට එරෙහිව ස්කොට්ලන්තයට විශිෂ්ඨ ජයක්

4

අයර්ලන්තයේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණා.
ඔවුන් හමුවේ ලකුණු 58කින් පරාජයට පත් වූයේ නෙදර්ලන්ත කණ්ඩායමයි.
ඩබ්ලින්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 252ක් ලබා ගත්තා.
එය 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ 6 වැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
ස්කොට්ලන්ත ඉනිම ශක්තිමත් කළ ජෝජ් මන්සි පන්දු 56කින් හයේ පහර 14ක් සමගින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 127ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 194ක් පමණයි.
නායක පීටර් සීල නොදැවී ලකුණු 96යි.

Your Comments