නුවන් ප්‍රදීප්ගේ ඇඟිල්ලක බිඳී යාමක් – කසුන් රාජිත කණ්ඩායමට ?
(ඡායාරූපය - Sameera Peiris)

289

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්ව තිබෙනවා.

ඔහුගේ පන්දු යවන අතෙහි ආබාධය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පුහුණුවීම් අතරතුර දී නුවන් ප්‍රදීප් ආබාධයට ලක්ව ඇත්තේ ඔහු යැවූ පන්දුවකට කුසල් ජනිත් පෙරලා එල්ල කළ පහරක් හේතුවෙන්.

කුසල් ජනිත් පහරදුන් පන්දුව නුවන්ගේ අතේ වැදී ඇති අතර, එහිදී ඇඟිල්ලක බිදී යාමක් සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහභාගීවන මී ළඟ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 11 වනදා බංග්ලාදේශය සමගයි.

ඉදිරි තරඟවලට නුවන් ප්‍රදීප් ට ක්‍රීඩා කල නොහැකිවනු ඇති බවයි පැවසෙන්නේ.

ඒ වෙනුවට බොහෝ විට කසුන් රාජිත යොදවනු ඇති.

ආදේශය සඳහා ICC තාක්ෂණ කමිටුවේ අනුමැතිය අවශ්‍ය වනවා.

Kasun Rajitha (Photo by Richard Huggard/Gallo Images/Getty Images)

Your Comments