නිල ප්‍රකාශයක් නොකොට ‘301න් විශ්‍රාම යන’ ක්‍රිස් ගේල්

29

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ජගත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගත් බවට වන ඉඟියක් ඉන්දු – කොදෙව් තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී දැක ගැනීමට හැකි වුණා.

ඒ, තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන කොදෙව් කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස ක්‍රිස් ගේල් දැවී යාමත් සමගයි.

එහිදී සියලු‍ ඉන්දීය ක්‍රීඩකයින් ඔහුට සුබ පැතීම සදහා එක්ව සිටිනු දක්නට ලැබුණා.

ක්‍රිස් ගේල් ද ප්‍රේක්ෂකයින්ට ආචාර කරමින් පිටියෙන් ඉවත් වීමටයි කටයුතු කළේ.

කෙසේ වෙතත් ක්‍රිස් ගේල් මෙතෙක් සිය විශ්‍රාම ගැනීම පිළිබද නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

මෙම ඉනිමේ දී ක්‍රිස් ගේල් පන්දු 41කදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 72ක්.

ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් ඇතුළත්.

මෙය ඔහුගේ 301 වැනි එක්දින ක්‍රිකට් තරගය වූ අතර, ඒ වෙනුවෙන් ඔහු සිය ඇදුමෙහි අංකය ද 301 ලෙස වෙනස් කර ගෙන තිබුණා.

මෙතෙක් ඔහු සිය ඇදුමෙහි අංකය ලෙස භාවිතා කළේ අංක 333යි.

මේ අතර, මෙම තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් කලු පටි පැලද ක්‍රීඩා කරනු දක්නට ලැබුණා.

ඒ, ආරම්භක පිතිකරු එවින් ලුවිස්ගේ මිත්තණිය මෙම තරගය ආරම්භ වීමට මොහොතකට පෙර අභාවප්‍රාප්ත වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, එවින් ලුවිස් මෙම තරගය සදහා ද ක්‍රීඩා කරනවා.

Your Comments