නවසීලන්ත කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන ජෝන් රීඩ් සමුගනියි

11

නවසීලන්ත කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන ජෝන් රීඩ් මියගොස් තිබෙනවා.

 

ඔහු මිය යන විට 64 වැනි වියේ පසු වු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වමතින් පිතිහරඹයේ යෙදුණු ඔහු 1979 සිට 1986 දක්වා වසර 7කට ආසන්න කාලයක් නවසිලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කළා.

ඔහු නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් 19 ක් සහ එක්දින තරග 25 කට ක්‍රීඩා කර තිබෙනවා.

ක්‍රිඩා පිටියෙන් සමු ගැනීමෙන් අනතුරුව ජෝන් රීඩ් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ මෙහෙයුම් අධ්‍යක්ෂ සහ කාර්යසාධක කළමණාකරු ලෙස සේවය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කලේ.

ඇති අතර පිළිවෙලින් ලකුණු 1,296 ක් සහ 633 ක් ලබා ගෙන ඇත.

ඔහුගේ ටෙස්ට් ලකුණු 46.28 ක සාමාන්‍යයක් වාර්තා වූ අතර ශතක 6 ක් හා අර්ධ ශතක දෙකක් ලබා ගත්තේය.

රීඩ්ගේ ජාත්‍යන්තර දිවියේ කැපී පෙනෙන සිදුවීම වූයේ 1985 දී ගබ්බාහිදී නවසීලන්තයේ ඉනිම ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඔහු 108 ක් ලබා ගැනීමයි.

ඔහු තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 224 ක් එක් කළේය.

Your Comments