නවසීලන්ත කණ්ඩායමට ලකුණු 53 ක ජයක්

8

තරග 5කින් සමන්විත 20යි 20 තරගාවලිය ආරම්භ කරමින් අද පැවති තරගය ලකුණු 53 කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

 

කාසියේ වාසිය දිනූ ඔස්ටේ්‍රලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 184 ක්.

වේගවත් පිතිහරඹයක නිරත වූ ඩෙවන් කොන්වේ ලකුණු 99 ක් ලබා ගත්තේ පන්දු 59කට පමණක් මුහුණ දෙමින්.

ජයග්‍රහණය සඳහා ලකුණු 185ක ඉලක්කයක් හඹා ගිය ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 131 ක් පමණයි.

ලකුණු 99 ක් රැස් කළ නවසීලන්ත පිතිකරු ඩෙවන් කොන්වේ තරගයේ වීරයා ලෙස නම් කෙරුණා.

 

Your Comments