නවසීලන්තය, යොවුන් එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

18

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත යොවුන් කණ්ඩායම සමත් වුණා.
ඒ, දෙවන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමට එරෙහිව කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 238ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 8ක් දැවී තිබියදීයි.
මේ වන විට ඉන්දීය යොවුන් කණ්ඩායම ද අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන් කර ගෙන අවසන්.

Your Comments