පාකිස්ථාන නවසීලන්ත ටෙස්ට් තරගාවලිය නිමාවීමත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ඊයේ එළිදැක්වුණා .
නවසීලන්ත කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට ජගත් ටෙස්ට් කන්ඩායම් වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට සමත් වුණේ මෙතෙක් එම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන සිටි ඕස්ට්‍රේලියා කණ්ඩායම දෙවන ස්ථානයට පත් කරමිනි .
ප්‍රසාද ලකුණු 116 ක් ලබමින් ඕස්ට්‍රේලියාව එහි දෙවන ස්ථානයේ පසු වන අතර නවසීලන්තයට ප්‍රසාද ලකුණු 118 ක් හිමිව තිබෙනවා .
ඉන්දියාව තෙවන ස්ථානය ලබා ගැනීමටත් සිව් වන ස්ථානයට හිමිකම් කීමට එංගලන්තයටත් හැකියාව ලැබී තිබෙනවා .
දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලිය ජයගැනීමත් සමග පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර ශ්‍රී ලංකාව ටෙස්ට් කණ්ඩායම් අතර 6 වන ස්ථානයේ පසුවනවා .
ප්‍රසාද ලකුණු 86 ක් ඔවුන්ට හිමිව තිබෙනවා .
Your Comments