නයිජීරියා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට ගුරුසිංහ

10

අසංක ගුරුසිංහ මහතා නයිජීරියා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.
හෙට සිට එම පත්වීම බලාත්මක වනු ඇති.

අසංක ගුරුසිංහ මහතා 1996 වසරේදී ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය දිනාදුන් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වන අතර ලාහෝර් නුවර පැවති අවසාන මහා තරගයේදී ඔහු රැස්කල ලකුණු සංඛ්‍යාව 65 ක්.

54 හැවිරිදි අසංක ගුරුසිංහ මහතා ටෙස්ට් තරග 41 කට ක්‍රීඩා කර ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 147 කට ක්‍රීඩා කර තිබෙනවා.

Your Comments