දෝනිට 50%ක IPL දඩයක්

44

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිට ඉන්දීය ප්‍රිමියර් ලීග් සංවිධායකයින් විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, ඊයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග නිමා වූ තරගයේ දී ක්‍රීඩක විනය නීති සංග‍්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

තරගයේ අවසන් පන්දුවාරයේ දී නිපන්දුවක් යැවූ බවට ඇති වූ සැකයක් හේතුවෙන් යම් මතභේදාත්මක තත්ත්වයක් ඇති වූ අතර, ඒ පිළිබද විමසීම සදහා අදාළ පන්දුවට පෙර පන්දුවේ දී දැවී ගිය මහේන්ද්‍ර සිං දෝනි යළි පිටිය මැදට පිවිස විනිසුරුවන් සමග ඒ පිළිබද සාකච්ඡා කරනු දක්නට ලැබුණා.

ඒ, අදාළ පන්දුවේ දී පළමුව පන්දු යවන අන්තයේ සිටින විනිසුරු විසින් එය නිපන්දුවක් ලෙස සටහන් කළ ද පිටියේ අනෙක් විනිසුරු එය නිපන්දුවක් නොවන බව පැවසීම හේතුවෙන්.

ඒ අනුව දෝනිට තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක් පැනවීමට අයි.පී.එල් සංවිධායකයින් පියවර ගත්තා.

Your Comments