දෙවැනි එක්දින තරගයේ ජය පාකිස්තානයට – දසුන්ගෙන් සහ ශෙහාන්ගෙන් නව වාර්තාවක්

7

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
කරච්චි නුවර පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 7ක් දැවී ලකුණු 305ක් ලබා ගත්තා.
බාබාර් අසාම් ලකුණු 115යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 238ක් පමණයි.
ලකුණු 28ට කඩුලු 5ක් දැවී ගොස් තිබූ අවස්ථාවක පිටිියේ එක් වූ දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය 6 වන කඩුල්ල සදහා වාර්තාගත ලකුණු 177ක සබදතාවයක් ගොඩ නැගුවා.
එය ශ්‍රී ලංකාව වෙනුවෙන් 6 වන කඩුල්ල සදහා එක්දින තරග ඉතිහාසයේ වාර්තා වූ හොදම ලකුණු සබදතාවය වන අතර, පාකිස්තානයට එරෙහිව පිතිකරුවන් දෙදෙනෙකු 6 වන කඩුල්ලට වාර්තා කළ ඉහළම ලකුණු සබදතාවය ද වනවා.
ෂෙහාන් ජයසූරිය ලකුණු 96කට දැවී ගිය අතර, දසුන් ශානක ලකුණු 68ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී උස්මාන් ශින්වාරි කඩුලු 5ක් බිද හෙලුවා.

Your Comments