දිමුත් කරුණාරත්නට ඩොලර් 7500ක දඩයක්

20

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන නායක දිමුත් කරුණාරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අමෙරිකානු ඩොලර් 7500ක දඩ මුදලක් පනවා තිබෙනවා.
ඒ, පසුගියදා සිදු වූ රිය අනතුර හේතුවෙන්.
එහිදී දිමුත් කරුණාරත්න විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්සන් තබා ඇති ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.
ඔහුට පැනවූ දඩ මුදල දිමුත්ට එක් ටෙස්ට් තරගයක් වෙනුවෙන් ලැබෙන තරග ගාස්තුවට සමාන බව සදහන්.
දිමුත් කරුණාරත්න පසුගිය ඉරිදා බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ද පත් වූ අතර, පසුව ඔහුව පොලිස් ඇප මත මුදා හැරුණා.
අනතුරව අධිකරණය හමුවේ පෙනී සිටීමේ දී ඔහුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.

Your Comments