දසුන් ශානකගේ කොදෙව් සංචාරය තාවකාලිකව නවතියි

22

ගුවන් ගමන් බලපත්‍රයේ ඇති වු ගැටලුවක් හේතුවෙන් ශ්‍රී ලංකා 20 යි 20 කණ්ඩායමේ නායක දසුන් ශානකට බටහිර ඉන්දීය කොදෙව් දුපත් බලා පිටත් වීමට නොහැකි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කලේ විසා සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් ඔහු කොදෙව් සංචාරය සදහා එක් නොවු බවයි.

දසුන් ශානකගේ විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වී ඇති අතර කඩිනමින් එම ගැටලුව නිරාකරණය කිරීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කලේ.

ඉන් අනතුරුව ඔහු නුදුරේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග එක් වනු ඇති.

Your Comments