දසුන්ට 20යි 20 නායකත්වය අහිමිවන ලකුණු

9

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ 20යි 20 නායකත්වය දසුන් ශානකට අහිමිවිමේ ඉඩකඩක් පවතින බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කළා.

ඒ දසුන් ශානකට කැරිබියන් කළාපීය වීසා ලබා ගැනීමට මෙතෙක් නොහැකිවීම හේතුවෙන්.

කොදෙව්වන් සමග පැවැත්වෙන 20යි 20 තරගාවලියේ නායකත්වය සඳහා පත් කර තිබෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකයි.

කෙසේ වෙතත් පසුගිය දා දිවයිනෙන් පිටත් වූ ශ්‍රී ලංකා සංචිතයට දසුන් ශානක ඇතුළත් නොවූයේ වීසා සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන්.

එම ගැටලුව මේ වන තෙක් නිරාකරණය කර ගැනීමට හැකිවී නැහැ.

කැරිබියන් වීසා ලබා ගැනීමට හැකි වුව ද එරටට ලගා වීමෙන් පසු නිරෝධායන කාලසීමාවකටද යටත්විය යුතු බැවින් බොහෝ දුරට දසුන් ශානකට 20යි 20 සංචිකය නියෝජනය කිරීමට අවස්ථාව නොලැබී යනු ඇති.

ඒ සඳහා වෙනත් ක්‍රීඩකයෙකුට නායකත්වය ලබා දීමට ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති නමුත් එය හෙට දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

Your Comments