දඹුල්ල වයිකිංග් කණ්ඩායමට ලකුණු 219ක ඉලක්කයක්

23

LPL තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.

ඒ ජැෆ්නා ස්ටැලියන්ස් – දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම දෙක අතරයි.

ඉන් පළමු තරගය ලෙස ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

කාසියේ වාසිය දිනාගත් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව පන්දුවට පහර දෙන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 218ක් ලබාගැනීමට සමත් විය.

ලකුණු ලබාගැනීමේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ තිසර පෙරේරා නොදැවී ලකුණු 97ක් ලබාගැනීමට සමත් වූ අතර චතුරංග ද සිල්වාට ලබාගත හැකි වූයේ ලකුණු 29ක් පමණයි.

වනිදු හසරංග ලකුණු 24කටත් සොයිබ් මලික් ලකුණු 23කටත් දැවී ගියා.

පන්දු යැවීමේදී දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ සමිට් පටෙල් කඩුලු දෙකක් දවා ගත් අතර ළහිරු කුමාර, රමේෂ් මෙන්ඩිස්, අන්වර් අලී සහ අෆ්ටාබ් අලාම් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.

තරගය ජයග්‍රහණය සඳහා දඹුල්ල වයිකින්ග් කණ්ඩායම පන්දුවාර 20 තුලදී ලකුණු 219ක් ලබාගත යුතු වනවා.

තරගය හම්බන්තොට සූරියවැය මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මකයි.

කැන්ඩි ටස්කර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර තරගය රාත්‍රී 8ට පමණ ආරම්භ වීමට නියමිතයි.

 

 

Your Comments