දකුණු අප්‍රිකා කණ්ඩායම වසර 14කට පසුව පාකිස්තානට

4

එළඹෙන පාකිස්තාන තරග සංචාරය සදහා දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.

ක්වෙන්ටන් ඩී කොක්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 21 ක්.

මෙම තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක් සහ 20යි 20 තරග 3ක් ඇතුළත්.

පළමු ටෙස්ට් තරගය ලබන 26 වනදා කරච්චි හී දී ආරම්භ වීමට නියමිතයි.

දකුණු අප්‍රිකා කණ්ඩායම පාකිස්තාන තරග සංචාරයක නිරත වන්නේ වසර 14කට පසුව වීම විශේෂත්වයක්.

Your Comments