දකුණු අප්‍රිකාව 126කට සීමා වෙයි – ශ්‍රී ලංකාව ලකුණු 272ක් ඉදිරියෙන්

51

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද නිමා වුණා.
අද දිනට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රිඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 111ක් ලබා සිටියා.
පළමු ඉනිමේදී නොදැවී ශතකයක් වාර්තා කළ දිමුත් කරුණාරත්න දෙවෙනි ඉනිනමේදී ද අර්ධ ශතකයක් ලබා ගනිමින් ලකුණු 60ක් රැස් කළා.
අද දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාණු කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 126කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා කඩුලු 4ක් බිද හෙලූ අතර සුරංග ලක්මාල් කඩුලු 3ක් බිද හෙලුවා.
රංගන හේරත් බිද හෙලූ කඩුලු ගණන 2ක්.
ගාලු ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 287ක් ලබා ගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 272ක් ඉදිරියෙන් පසුවනවා.

Your Comments