දකුණු අප්‍රිකාව පරදා පළමු ටෙස්ට් තරගයේන් ඉන්දියාවට ලකුණු 203ක ජයක්

5

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 203 ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා.
තරගයේ අවසන් දිනය වූ අද දිනය ආරම්භයේ දී ලකුණු 395ක ඉලක්කයක් හඹා යමින් සිටි දකුණු අප්‍රිකාව සිය දෙවන ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 191ක් පමණයි.
පන්දු යැවීමේ දී මොහමඞ් ෂාමි කඩුලු 5ක් සහ රවීන්ද්‍ර ජඬේජා කඩුලු 4ක් බිද හෙලුවා.
විසාකාපට්නම්හී දී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පළමු ඉනිමට කඩුලූ 7ක් දැවී ලකුණු 502ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
රෝහිට් ෂර්මා ලකුණු 176ක් රැස් කළ අතර, මයාන්ක් අගාර්වල් ලකුණු 215ක් ලබා ගත්තා.
තරගයේ සිව්වන දිනය වූ ඊයේ දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 431ක් ලබා ගත්තා.
එහිදී ඩීන් එල්ගර් ලකුණු 160ක් සහ ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 111ක් රැස් කළා.
පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 7ක් බිද හෙලුවා.
අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඉනිම අත්හිටුවීමට තිරණය කළේ කඩුලු 4ක් දැවී ලකුණු 323ක් ලබා සිටියදීයි.
පළමු ඉනිමේ දී ශතකයක් ලබා ගත් රෝහිට් ෂර්මා දෙවන ඉනිමේ දී ද ලකුණු 127ක් ලබා ගත්තා.
තරගයේ වීරයා සම්මානය දිනාගනු ලැබුවේ රෝහිට් ශර්මා විසින්.

Your Comments