දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට ලකුණු 215ක ජයක්

15

සංචාරක දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 215ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත් වුණා.
දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 376ක් ලබා ගත්තා.
ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් දිමුත් කරුණාරත්න සහ සධීර සමරවික්‍රම ගොඩ නැගූ සබදතාවය ලකුණු 252ක්.
සධීර ලකුණු 141ක් ලබා ගත් අතර දිමුත් රැස් කළ ලකුණු සංඛ්‍යාව 125ක්.
දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 58යි.
අසේල ගුණරත්න නොදැවී වේගවත් ලකුණු 35ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 161 ක් පමණයි.
නිශාන් පීරිස් කඩුලු 5ක් බිද හෙලුවා.

Your Comments