තුන්වරක් review ඉල්ලූ ක්‍රිස් ගේල් 1000 පන්නයි – දැවී ගියේ ‘Free Hit පන්දුවකට”

611

ලකුණු 289ක ඉලක්කය හඹා යන කොදෙව්වන් පිටියට පිවිස දෙවැනි පන්දුවාරයේ සිව්වන පන්දුවට කඩුල්ලක් අහිමි කර ගත්තා.

ඒ වන විට ලබා සිටියේ ලකුණු 7ක් පමණයි.

අනතුරුව  අවස්ථා දෙකක දී ක්‍රිස් ගේල් දැවී ගිය බවට තීරණය කෙරුණද review ඉල්ලා සිටියා.

එම DRS අවස්ථා දෙකේම ක්‍රිස් ගේල් නොදැවුනු පිතිකරුවෙක් බව තුන්වන විනිසුරු තීරණය කළා.

කෙසේ වෙතත් ලකුණු 21ක් ලබා සිටි ක්‍රිස් ගේල් ට යෝකර් පන්දුවක් යොමු වුණේ Mitchell Starc ගෙන්.

එහිදී ක්‍රිස් ගේල් දැවී ගිය බව විනිසුරු දන්වා සිටියා.

කෙසේ වෙතත් ගේල් ඊට එකඟ වූයේ නැහැ.

තුන්වන වතාවටත් review කළා.

එහි දී තුන්වන විනිසුරු ඒ පිළිබඳ සලකා බැලූ අතර විනිසුරු තීරණ නැවත විමසා බැලීමේ දී දැක ගන්නට ලැබුනේ එම අවස්ථාවේ තීරණය ‘විනිසුරුගේ තීරණයට’ යටත්වන බවයි.

ක්‍රිස් ගේල් ඒ අනුව දැවී ගියා.

කෙසේ වෙතත් Gayle ලෝක කුසලාන එක දින ක්‍රිකට් තරගාවලියේ ලකුණු 1000 සම්පූර්ණ කර ගත්තා.

ක්‍රිස් ගේල් දැවී ගියේ පස්වන පන්දු වාරයේ පස්වන බෝලයෙන්.

නමුත් පන්දු ඕවර 10 ක්‍රියාත්මක අවස්ථාවේ යළි Gayle ගැන අවධානය යොමු වුනා.

ඒ ක්‍රිස් ගේල් ට පන්දු යොමු වූ ආකාරය පිළිබඳ ‘පටිගත දර්ශන’ ප්‍රචාරය වීමත් සමගයි.

ගේල් දැවී යාමට පෙර පන්දුව නිපන්දුවක් ලෙස යොමුව තිබුනත් එය විනිසුරු දැක තිබුනේ නැහැ.

එය නිපන්දුවක් බව විනිසුරු දක්වා තිබුනේ නම් ‘ගේල් දැවී ගිය පන්දුව’ Free Hit පන්දුවකි.

එසේ වූවානම් එම පන්දුවෙන් ගේල් දැවී යන්නේ නැත.

ඒ අනුව ගේල් අද අවස්ථා හතරක දී ‘වාසනා මහිමය ට’ හිමිකම් කියනු ඇති.

අද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය පැවැත්වෙන්නේ Nottingham හිදී.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතරයි.

කාසියේ වාසිය දිනාගත් කොදෙව්වන් පළමුව පහර දෙන ලෙස ඔස්ට්‍රේලියාවට ආරාධනා කළා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව පන්දුවාර 49කදී සියලු දෙනා දැවී ලකුණු 288ක් ලබා ගත්තා.

Nathan Coulter-Nil ලකුණු 92ක් ලබා ගත්තේ පන්දු 60කට මුහුණ දෙමින්.

ඊට 6 පහර 4ක් හා හතරේ පහර 8ක් ඇතුළත්.

හතරේ පහර 7ක් සමගින් Steven Smith ලකුණු 73ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Carlos Brathwaite කඩුළු 3යි.

අදත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සජීව විස්තර විචාරය ට සිත FM (88.6 FM සහ 88.8 FM) ඔස්සේ සවන් දිය හැකියි.

Your Comments