තිසර දෙවන වේගවත්ම ශතකය වාර්තා කරයි – ජයසූරියටත් සමාන වෙයි

43

එක්දින ක්‍රිකට් දිවියේ පළමු ශතකය වාර්තා කිරීමට තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සමත් වුණා.
ඒ නවසීලන්තය සමග පැවති තරගයේ දී.
තිසර ශතකය වාර්තා කළේ පන්දු 59කින්.
ඊට හයේ පහර 7ක් සහ 4 පහර 8ක් ඇතුළත්.
තිසරගේ එම ශතකය වාර්තා අතරට එක් වූයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවන වේගවත්ම එක්දින ශතකය ලෙසයි.
වේගවත්ම එක්දින ශතකය ලබා ගෙන තිබුනේ සනත් ජයසූරිය විසින්. ඒ පන්දු 48කින්. එම තරගය පාකිස්තානයට එරෙහිව පැවැත්වුනේ 1996 දී සිංගප්පූරුවේදී.

මේ අතර අද තරගයේ දී තිසර ලකුණු 140ක් ලබා ගැනීමට සමත් වූවා.
එම ලකුණු ප්‍රමාණය ද මෙරට ක්‍රීඩකයෙකු නවසීලන්තයට එරෙහිව ලබා ගත් ඉහළම ලකුණු ප්‍රමාණයට සමාන වූවා.
මීට පෙර එම ලකුණු ප්‍රමාණය ලබා ගෙන තිබුනේ ද සනත් ජයසූරිය විසින්.

අද තිසර ලබා ගත ලකුණු 140ට 6 පහර 13ක් හා හතරේ පහර 08ක් ඇතුළත්.

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර අද පැවැති දෙවන තරගයෙන් නවසීලන්තය ලකුණු 21ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

මවුන්ට් මෝන්ගැනුයිහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 319ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී පන්දුවාර 46.2ක් අවසානයේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 298ක් පමණයි.

ඉනිමේ අවසන් කඩුල්ල ලෙස තිසර දැවී යන විට පන්දු 74කින් ලබා ගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 140ක්.

Your Comments