තියුණු සටනකින් පසු 7 වන වරටත් ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් ශූරතාව ඉන්දියාවට

16

ආසියානු යොවුන් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව 7 වන වරටත් තමන් සතු කර ගැනීමට ඉන්දියාව අද සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී තියුණු තරගයකින් පසුව බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ලකුණු 5කින් පරාජයට පත් කරමින්.

කොළඹ ආර්.පේ‍්‍රමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් කණ්ඩායම පන්දුවාර 32යි පන්දු 4ක් අවසානයේ සියලු‍ දෙනා දැවී ලකුණු 106ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට පන්දුවාර 33ක් අවසානයේ සියලු‍ දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 101ක් පමණයි.

Your Comments