තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී තිබෙනවා

14

තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී තිබෙනවා.

පසුගිය සතියේ පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ අද දිනයේ දී ඉන් සමත් වී ඇති බව සඳහන්.

මෙම පරීක්ෂණයෙන් සමත් වීමටනම් කිලෝ මීටර් දෙකක දුරක් මිනිත්තු 8යි තත්ත්පර 35ක කාලයකින් දිව යාමට ක්‍රීඩකයින්ට සිදු වනවා.

මේ අතර, පසුගියදා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට තම විවාහ උත්සවය නිසා එක් නොවූ කුසල් මෙන්ඩිස් ද අද දිනයේ දී පැවති යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී තිබෙනවා.

පසුගිය සතියේ පැවැති යෝග්‍යතා පරීක්ෂණය අසමත් වූ කුසල් ජනිත් පෙරේරා ද ඉදිරි දිනකදී යළිත් මෙම පරීක්ෂණය සදහා මුහුණ දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

Your Comments